රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා පා ගමන අවසන්

Thursday, 26 November 2015 - 16:53

%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
රාජ්‍ය සහ ගුරු සේවයේ පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ආරම්භ කළ පාගමන මීට ටික වේලාවකට පෙර අවසන් කෙරුණා.

කෝට්ටේ මහ නගර සභාව ආසන්නයෙන් අද දහවල් ආරම්භ කළ විරෝධතා පාගමන වැලිකඩ, පාර්ලිමේන්තු වට රවුම හරහා, පාර්ලිමේන්තුව දෙසට ගමන් කළා.

කෙසේ වෙතත්, විරෝධතාවයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය පොලිසිය විසින් විරෝධතාකරුවන්ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් එම පාගමන නතර කිරීමට තීරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories