පොදුරඳ මඩුලූ සමුළුව අද ඇරඹේ. - සභාපති ධුරය ශ්‍රී ලංකාවෙන් මෝල්ටා රාජ්‍යයට

Friday, 27 November 2015 - 8:14

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B3+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.+-+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7
24 වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෝල්ටාවේ - වැලාටා අගනුවරදී අද (27) ආරම්භ වනවා. සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් නික්මුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පස්වරුවේ එරටට ළඟා වුණා. මෝල්ටා රජයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජනාධිපතිවරයා මෝල්ටා ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පිළිගනු ලැබුවා. ජනාධිපතිවරයාගේ මෝල්ටා සංචාරයට 18 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද එක්ව සිටිනවා.

අද ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපති ධුරය මෝල්ටාවේ අගමැති ජෝශප් මස්කට් වෙත භාරදීමට නියමිතයි.

මේ අතර, පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් කුඩා රටවල් සඳහා වෙළඳ සහ මූල්‍ය පහසුකම් සැපයීමට ඒකාබද්ධ අරමුදලක් පිහිටුවන බව මෝල්ටා රාජ්‍යයේ මුදල් අමාත්‍ය එඞ්වඞ්.සික්.ලූනා ඊයේ ප්‍රකාශ කළා. ඒ 2013 වසරේ කොළඹ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේදී නිකුත් කෙරුණු කෝට්ටේ ප්‍රකාශනයේ යෝජනාවකට අනුවයි.

‘‘පොදු රාජ්‍ය මණ්ඩලය ගෝලීය වටිනාකම්වලට නව ශක්තියක් ’’ යන්න මෙවර සමුළුවේ තේමාවයි. දේශගුණික විපර්යාස සඳහා මුහුණදිය යුතු ආකාරය අද සිට 29 වනදා දක්වා මෝල්ටාවේ - වැලේටා නගරයේදී පැවැත්වෙන සමුළුවේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගනු ඇති.

මේ අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ සභාපති ධුරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්වීමෙන් පසු ඔහු සමඟ කටයුතු කළ ආකාරය පිළිබඳව තමන්ට තෘප්තිමත් විය හැකි බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොදුරඳ මඩුලූ සමුළුවේදී සාකච්ඡාවට භාජනය කෙරෙන කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජගත් සංවිධානය තුළ පෙනී සිටීම ප්‍රශංසනීය බවයි.

24 වන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් ද පැවැත්වුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර සහභාගි වුණා. ඊට අමතරව, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ව්‍යාපාරික සංසදයේ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල  ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories