ජනපති පොදුරඳ මඩුලූ සමුළුව අද අමතයි

Friday, 27 November 2015 - 13:03

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B3+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
24 වන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගිවීම සදහා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (27) මෙරට වේලාවෙන් පස්වරු 2.30 ට සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.      

ඒ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෝල්ටාවේ - වැලාටා අගනුවරදී අද ආරම්භ වීමෙන් අනතුරුවයි. දෙවන එලිසබෙත් මහරැජිනගේ ප්‍රධානත්වයෙන් මෙවර සමුළුව පැවැත්වෙන්නේ රටවල් 53 ක රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන්.

24 වන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නිල වශයෙන් ඇරඹෙන්නේ දෙවන එලිසබෙත් රැජිනගේ සමාරම්භක පණිවුඩය ලබාදීමෙන් අනතුරුවයි. පසුව සමුළුවේ වත්මන් සභාපතීත්වය දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමුළුවේ සභාපති ධුරය නිල වශයෙන් මෝල්ටා අග්‍රාමාත්‍ය ජෝශප් මස්කට් වෙත පිරිනමනු ඇති. එලිසබෙත් රැජින ප්‍රධාන සියලූ රාජ්‍ය නායකයන් සම්ප්‍රදානුකූලව විශේෂ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටීමට නියමිතයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ වත්මන් මහලේකම් කමලේෂ් ශර්මා විසින් සංවිධානය කර ඇති දිවා භෝජන සංග්‍රහයට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු සියලූ රාජ්‍ය නායකයන් සහභාගි වනු ඇති. ඉන් අනතුරුව දේශගුණික විපර්යාස සම්බන්ධ විශේෂ සැසිවාරය සවස් කාලයේදී ආරම්භ වන අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද ඊට සහභාගි වීමට නියමිතයි. අද දිනයට අදාළ සමුළුවේ රාත්‍රී කාලය වෙන්ව ඇත්තේ දෙවන එලිසබෙත් රැජින විසින් සැසිවාරයට සහභාගි වන සියලූ රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories