Update: අන්තරේ පා ගමන පොල්දූවෙන් නවතී

Friday, 27 November 2015 - 15:10

Update%3A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%96%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පේරාදෙණිය සරසවියෙන් පසුගිය 23 වන දා ආරම්භ කළ පා ගමන අද පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධිය අසළින් අවසන් කෙරුණා. ඒ, පොලීසිය ඊට අදාළව ලබාගෙන තිබූ අධිකරණ නියෝගය හේතුවෙන්.

අධ්‍යාපන පෞද්ගලීකරණය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමිනුයි සිසුන් මෙම පා ගමන ආරම්භ කළේ. එය අද කඩවත සිට පාර්ලිමේන්තුව දක්වා පැමිණීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබුණේ පාගමනට පොල්දූව මංසන්ධියෙන් ඔබ්බට පැමිණ පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළුවීම තහනම් කරමින්. එසේම අද පස්වරුවේ පොල්දූව මං සන්ධියේ දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.


Update: Friday, 27 November 2015 - 19:14
--------------------------------------

අන්තරේ පා ගමන බොරැල්ල පසු කරයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබෙන පා ගමන හේතුවෙන් බොරැල්ල සහ අවට මාර්ගවල මේ වන විට රථවාහන තදබදයක් පවතිනවා.

පොලීසිය ප්‍රකාශ කළේ මේ වන විට සිසුන්ගේ පා ගමන බොරැල්ල මං සන්ධිය පසු කර රාජගිරිය දෙසට ගමන් කරමින් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories