රටේ ජාතික ආරක්ෂාවට හානියක් නැහැ

Monday, 30 November 2015 - 12:30

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
රටට දැඩි ලෙස ආදරය කරන තමා රටේ ජාතික ආරක්ෂාවට හානිවන කිසිදු ආකාරයේ පියවරක් නොගන්නා බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළා.
ඔහු මේ බව කියා සිටියේ ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ එකතුව සමඟ ඊයේ රාත්‍රියේ පැවති හමුවකට එක්වෙමින්.

මේ අතර එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස සමුළුව අද පැරිස් නුවර දී ආරම්භ කෙරෙන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එරට වේලාවෙන් පස්වරු තුනට විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට අයත් රාජ්‍ය නායකයන් 150 කට අධික පිරිසක් මෙම සමුළුවට එක්ව සිටින අතර, දශක හතරකට පසු මෙතරම් රාජ්‍ය නායකයන් පිරිසක් එකවර ප්‍රංශයේදී රැස්වන පළමු අවස්ථාව මෙයයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories