සෙස් බද්ද නිසා බහුදින යාත්‍රාකරුවන් අමාරුවේ

Monday, 30 November 2015 - 14:03

%E0%B7%83%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ජාත්‍යන්තර මුහුදේ ටූනා මසුන් මැරීම සඳහා ඇම වශයෙන් යොදාගන්නා දැල්ලන් ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයකට රුපියල් 13 ක සෙස් බද්දක් මෙවර අයවැය තුළින් පැනවීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව බහුදින යාත්‍රා හිමියන් පවසනවා.

බහුදින යාත්‍රා 4000 ක් පමණ ධීවර අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී සිටින අතර, පුත්තලම සහ මීගමුව දිස්ත්‍රික්කවල ඇති බහුදින යාත්‍රා 700 කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරිම සඳහා ඇම ලෙස යොදාගන්නේ ආනයනය කරන ලද දැල්ලන් විශේෂයක්.

එක් බහුදින යාත්‍රාවක් එක් ගමන් වාරයකදී ඇම වශයෙන් යොදාගැනීමට දැල්ලන් කිලෝග්‍රෑම් 1500 ත් 2000 ත් අතර ප්‍රමාණයක් රැගෙන යනවා. ආනයනික දැල්ලන් කිලෝග්‍රෑමයක් බහුදින යාත්‍රා හිමියන් මිලදී ගන්නේ රුපියල් 210 ක් වැනි මුදලකටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories