කාලගුණ විපර්යාසයට විසදුම් සොයන්න ලෝක නායකයන් පැරීසියට රැස්වෙයි

Monday, 30 November 2015 - 20:04

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලෝක කාලගුණ විපර්යාසයට විසදුම් සෙවීමේ අනාගත සැලැස්ම සකස් කිරීම සදහා ලොව රටවල් 195ක නායකයන් මේ වන විට ප්‍රංශයේ පැරිස් නුවරට එක්ව සිටිනවා. එහිදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු රටවල් 147ක නායකයන් සමුළුව අමතනු ඇති. ලෝක කාලගුණ සමුළුවේදී මිහිතලය උණුසුම්වීමට හේතු වන කාබන් මුක්තවීම පාලනය කිරීමේ එකඟත්වයකට පැමිණීමට නියමිතයි. කෙසේ නමුත්, මෙහිදී ඇති වන ගිවිසුම මගින් තමන් නොසැලකිල්ලට ලක්වන බවට දුප්පත් රටවල් චෝදනා කරනවා. පැරීසියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශ අගනුවර පැවැත්වෙන ලෝක කාලගුණ සමුළුව පිළිබදව විශේෂ අවදානයක් යොමු වූ බවයි ප්‍රංශ ජනාධිපති ප්‍රාංශුවා හොලාන්ඞ් කියා සිටියේ.   

ලෝක කාලගුණ විපර්යාසයට මුහුණදීම සඳහා සුනිත්‍ය බලශක්ති දිරි ගැන්වීමේ අරමුදලක් ද මෙහිදී පිහිටුවීමට නියමිතයි. සමුළුව ආරම්භවීමට පෙර බලවත් රටවල ක්‍රියාමාර්ගවලට එරෙහිව දැවැන්ත විරෝධතා රැල්ලක් පැරීසිය ඇතුළු ලොව ප්‍රධාන නගර රැසක පැවැත්වුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories