දරුණු කොටි නිදහස් නොකරන බවට ජනාධිපති ලේකම්ගෙන් පොරොන්දුවක්

Monday, 30 November 2015 - 19:40

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මින් ඉදිරියට දරුණු ගණයේ අපරාධවලට සම්බන්ධ එල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් නොකරන බවට ජනාධිපති ලේකම්වරයා තමන්ට පොරොන්දු වූ බව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කළා. අද පෙරවරුවේ ජනාධිපති ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.

මීට පෙර අවස්ථා දෙකකදී රාවණා බලය සංවිධානයේ හිමිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර, මුල් අවස්ථාවේදී දැනට බන්ධනාගාර ගතකර සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් නොකරන ලෙස ඉල්ලා එම සංවිධානය සන්දේශයක් ද භාරදුන්නා.

නැවත වරක් රාවණා බලය සංවිධානයේ හිමිවරුවන් ජනාධිපති කාර්යාලය වෙත පැමිණියේ පසුගිය 27 වැනිදායි. ඒ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලූ මතුවී ඇති බැවින් ඒ පිළිබඳව ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බව පවසමින්. නමුත්, එදින ජනාධිපති ලේකම්වරයා කාර්යාලයේ නොසිටි අතර එහිදී ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු රාවණා බලය සංවිධානයේ හිමිවරුන්ට පොරොන්දු වුණේ ලබන බදාදාට පෙර එම සාකච්ඡාව ලබාදෙන බවයි.

ඒ අනුව, එම සාකච්ඡාව අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊට පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, හින්දු ආගමික සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ද එක්ව සිටියා.

නාගදීපයේ නම වෙනස් නොකරන බවට ද මෙහිදී ජනාධිපති ලේකම්වරයා තමන්ට පොරොන්දු වූ බවයි රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories