මහින්ද - සන්නසකින් ගෝඨාභයට දුන් අලි ගැන පරීක්ෂණ

Tuesday, 01 December 2015 - 18:55

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+-+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සන්නස් පත්‍රයක් මගින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ප්‍රදානය කළ අලි පැටවුන් ගැන විමර්ශන ආරම්භ කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා අද (01) අධිකරණයට දැනුම්දුන්නා. ඒ, නීතිවිරෝධී වන අලි ළඟ තබාගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.

අලි පැටවුන් දෙදෙනෙකු හිටපු ආරක්ෂක ලේකම්වරායට ලබාදී ඇති බවත්, මේ වනවිට එම අලි පැටවුන් ඔහු සතුව නොමැති බවත්, මෙහිදී රජයේ නීතීඥ දිලීප පීරිස් ප්‍රකාශ කර තිබෙනවා.

 මේ අතර නීතිවිරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබාගෙන සිටි පිරිස් පිළිබඳව ඔහු අද අධිකරණය හමුවේ කරුණු හෙළිිකළා. පූජ්‍ය කොළොන්නාවේ සුමංගල හිමියන්, පූජ්‍ය බ්‍රහ්මණවත්තේ රතනසාර හිමියන්, අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, බස්නාහිර හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය ඇතුලූ 11 දෙනෙකු ඊට අයත්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories