සොරකම්, කොල්ලකෑම් මෙන්ම ස්වර්ණාභරණ පවා පැහැරගෙන යන කාල වකවානුවක සැබෑ මිනිසුන් ලෙස කටයුතු කළ බස් රථ රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු ගැන අද හිරු ප්රවෘත්ති අංශයට වාර්තාවුණා. ඒ, මහනුවර මූලස්ථාන පොලීසියෙන්.
කෑගල්ලේ පදිංචි පුද්ගලයෙකු පානදුරේ සිට මහනුවර බලා ධාවනය වන කටුබැද්ද ශ්රී ලංගම ඩිපෝවට අයත් බස් රථයකට ගොඩවන්නේ රුපියල් ලක්ෂ 14ක මුදලක්ද බෑගයක දමාගෙනයි. වාහනයක් මිලට ගැනීමට අම්පාරට යෑම ඔහුගේ අරමුණ වුණා.
කෙසේ වෙතත් බස් රථය මහනුවරට පැමිණි පසු මුදල් බෑගය අමතක වී මෙම පුද්ගලයා ඉන් පිටව ගිය අතර, මගීන් බැස ගිය පසු බස් රථය මහනුවර ඩිපෝවට රැගෙන ගිය මෙම සේවකයන් දෙදෙනා එහි තිබූ මුදල් සහිත ගමන් බෑගය දකින්නේ ඉන් අනතුරුවයි.
විශාල මුදලක් ඒ තුළ තිබුණු නිසා හැකි ඉක්මණින් ගමන් බෑගයත් රැගෙන ඔවුන් පොලීසියට පැමිණියා. ඒ වනවිටත් බෑගයේ හිමිකරු අස්ථානගත වූ ලක්ෂ 14 සොයාදෙන ලෙස ඉල්ලා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

Follow US
Most Viewed Stories