මාලඹේ රෝහලේ දී සෝභිත හිමියන්ට ප්‍රතිකාර කළෙත් ලියාපදිංචිය අලුත් නොකළ වෛද්‍යවරයෙක්ලු

Tuesday, 01 December 2015 - 20:02

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%B9%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%9D%E0%B6%B7%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85%E0%B7%99%E0%B6%AD%E0%B7%8A++%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%94
වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අලුත් නොකළ වෛද්‍යවරුන් පිරිසක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර කටයුතු සිදු කරන බවට චෝදනා කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (01) පොලිස්පතිවරයාට ලිපියක් භාර දුන්නා. එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාද එම පිරිස අතර සිටින බවයි.

අප මේ සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ වෛද්‍යවරයෙකු රෝහලක ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය සභාවේ ලියාපදිංචිය වසර 5 න් 5 ට අලූත් කළ යුතු බවයි. එසේ නොකර ප්‍රතිකාර සිදුකිරීම නීත්‍යානුකූල නොවන බවද ලේඛකාධිකාරීවරයා අවධාරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories