දරුවන් පාසලට දාන්න - කඩේ අක්කට 7000ක් ගෙවන්නැයි කියන ගල්ගමුවේ විදුහල්පති - හිරු CIA

Wednesday, 02 December 2015 - 7:11

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7+7000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92++-+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+CIA
වයඹ පළාතට අයත් ගල්ගමුව ජනාධිපති විද්‍යාලයට  2016 වසර සදහා පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමට පසුගිය නොවැම්බර් මස 20 වැනිදා  පාසලේ රැස්වීමක් කැදවා තිබුනා

ඒ රැස්වීමෙදි  දැනුම් දී ඇත්තේ දරුවන් පාසලට ඇතුළත් කිරීමට නම් රුපියල් 7,000ක් අයකරන බවයි. විද්‍යාලයට ඉදිරියේ ඇති 'කළුතර' සිල්ලර වෙළඳ සැළට එම මුදල් ලබා දිය යුතු බවත් දන්වා ඇත.  

පාසලට සිසුන් ඇතුලත් කිරීම සදහා මුදල් බැදීමට අවසන් දිනය ලෙස ලබාදී තිබුනේ පසුගිය 27 වැනිදායි.

පාසලකට දරුවන් ඇතුලත් කිරීම සදහා සිල්ලර භාණ්ඩ අලෙවි සැලකට මුදල් එක් රැස් කරන්නේ කාගේ අවශ්‍යතාව මතද ?

අප එම වෙළද සැල වෙත ලගාවුයේ ඒ පිළිබද රහසිගතව සොයා බැලීම සදහායි.

එහි  කාන්තාව පවසන්නේ දිනපතා විදුහල්පතිවරයා පැමිණ මුදල් පිළිබදව විමසා බලනා බවයි.

පාසලට ළමුන් ඇතුලත් කිරීම සදහා මෙලෙස මුදල් රැස් කිරීම පිළිබදව ගල්ගමුව ජනාධිපති විදුහලේ විදුහල්පතිවරයාට පැවසීමට ඇත්තේ කුමක්ද ?





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories