Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
Sunday, 24 January 2016 - 8:25
ඇමරිකාව හිමෙන් වැසේ
24

Shares
2,949

Views
නොනිදන නගරය ලෙස හැඳින්වෙන ඇමරිකාවේ විශාලතම පුරවරය වූ නිව්යෝක් නුවර දැවැන්ත හිම තට්ටුවකින් වැසී ගොස් තිබෙනවා.

සිකුරාදා සිට පවතින හිම කුණාටුව හේතුවෙන් එහි ප්‍රවාහන පද්ධතිය මුළුමනින්ම අකර්මන්‍ය වී ඇති අතර, ගමනාගමන කටයුතු අත්හිටුවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමරිකාවේ ප්‍රාන්ත විස්සක මිලියන 85 ක් පමණ ජනතාවට හිම කුණාටුව බලපෑම් ඇති කර ඇති බව සඳහන්.

ඇතැම් ස්ථානවල අඟල් 40 ක පමණ  හිම තට්ටුවක් දක්නට ලැබෙනවා.

හිම වැසිද ඇද හැලෙමින් පවතින අතර ප්‍රදේශ ගණනාවකින් ජීවිත හානි 13 ක්ද වාර්තාවුණා. වැඩිම හිමපතනයක් වාර්තාවන්නේ බටහිර වර්ජිනියා ප්‍රදේශයෙන්.

වොෂින්ටන් නුවරට හිම කුණාටුවේ බලපෑම් අවසන් වී නොමැති අතර, ප්‍රාන්ත 11 ක හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ සිටින ඇමරිකානු ගගනගාමී ස්කොට් කෙලී ද ඇමරිකාවේ බටහිර වෙරළ ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන ඇතිවී තිබෙන හිම පතනය පැහැදිලිව නිරීක්ෂණය කර තිබෙනවා. 

පසුගිය සිකුරාදා සිට පවතින හිමපතනය හේතුවෙන් ජීවිත හානි 18ක් වාර්තා වී ඇති අතර ඉන් බොහොමයක් රිය අනතුරු නිසා සිදුවූ ඒවායි.

හිම කුණාටුව නිසා මෙම සති අන්තයේ ඇමරිකාව වෙත පැමිණෙන සහ ඉන් නික්මෙන ගුවන් ගමන් 7000 ක් පමණ අවලංගු කර තිබෙනවා. 

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
Click here to Comment
Hide Comment Box
You may also like :
ඉහළ ගිය එළවළු මිළ
Wednesday, 25 May 2016 - 18:02
පවතින අධික වර්ෂාවත් සමග වෙළදපොලේ එළවළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.ඉල්ලූමට සරිලන සැපයුමක්... Read More
News Image
Hiru News Programme Segments
1,382 Views
7,950 Views
1,931 Views
1,068 Views
2,107 Views
5,511 Views
32,019 Views
16,355 Views
Top