Hirunews Logo
%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+400%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92++%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Monday, 25 January 2016 - 18:48
සමාගම් 400ක් හිමි රිචඩ් බ්‍රැන්සන් ලංකාවත් අල්ලයි (ඡායාරූප)
444

Shares
53,317

Views
ලෝකප්‍රකට ව්‍යාපාරික රිචඩ් චාල්ස් නිකොලස්  බ්‍රැන්සන්  ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තීරණය කරයි.  ශ්‍රී ලංකාවේ පවතින යහපත් තත්ත්වය තුළ මෙරට ආයෝජනය සුදුසු බවටයි හෙතෙම තීරණය කර ඇත්තේ.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වුණු  ලෝක ආර්ථික සමුළුව අතරතුර අගමැති රනිල් වික්‍රමසිංහ සහ  රිචඞ් බ්‍රැන්සන් අතර අදහස් හුවමාරු වී තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනයයට රිචඩ් බ්‍රැන්සන්  දැඩි අපේක්ෂාවෙන් පසුවන බව එහි දී සඳහන් කර තිබෙනවා.



Virgin සමාගම් ජාලයේ නිර්මාතෘවර  රිචඩ් බ්‍රැන්සන් ශ්‍රි ලංකාවේ ආයෝජනයට උනන්දු වූයේ මාස කිහිපයකට පෙර සිට  බවද සඳහන්.

 රිචඩ් බ්‍රැන්සන් සමාගම් 400කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි.

වයස 16 දී ඔහුගේ දිවි ගමන වෙනස් කර ඇත්තේ Student නම් ව්‍යාපාරික සඟරාවයි. එක්සත් රාජධානියේ වෙසෙන 65 හැවිරිදි  රිචඩ් බ්‍රැන්සන් නුදුරේදීම මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

මෙරට දූෂණය අවම කිරීමට රජය ගත් පියවර -  රිචඩ් බ්‍රැන්සන් ඇතුළු විදෙස් ආයෝජකයන්ගේ ප්‍රංශසාවට ලක් වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ විදෙස් ආයෝජන සඳහා මෙරට පවතින සුබදායක තත්ත්වය වැඩිදියුණු කිරීමට කඩිනම් පියවර ගත යුතු බවයි.   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කළේ ලෝක ආර්ථික සමුළුවට සහභාගි වී සිටින අතරතුර  අදහස් දක්වමින්.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top