රතුපස්වල ජල මූලාශ්‍රවල නියමිත පී.එච්. අගය නෑ

Monday, 08 February 2016 - 14:35

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.+%E0%B6%85%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91
රතුපස්වල ප්‍රදේශයේ භූගත ජල මූලාශ්‍රවල නියමිත පී.එච්. අගය නොමැති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රකාශ කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

සියනෑ ජලය සුරැකීමේ සංවිධානය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනුකළ රිට් පෙත්සමක් අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන හමුවේයි.

මේ සම්බන්ධයෙන් ගැනීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග දැනුම්දෙන ලෙස අදාළ සංවිධානවලට අභියාචනාධිකරණය නියෝගයක්ද නිකුත් කළා.

රතුපස්වල ජල ගැටළුවට මුල්වූ කර්මාන්තශාලාව එම ස්ථානයෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මෙම පෙත්සම අප්‍රේල් මස 28 වනදා යළි කැඳවනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories