නීතිපති තෝරන්න නම් 3 ක් යැවීම ගැන විරෝධය

Wednesday, 10 February 2016 - 8:15

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
නීතිපති තනතුරට තුන්දෙනෙකුගේ නම් යෝජනා කර ව්‍යවස්ථා සභාවට යැවීමට ජනාධීපතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධානය සිය විරෝධය පළ කරනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සාමාජික සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේ ජ්‍යේෂඨත්වය සහ සුදුසුකම් අනුව නීතිපති තනතුර ලබාදීමට පියවර ගත යුතුව ඇති බවයි.

කෙසේ වෙතත් නව නීතිපතිවරයෙකු පත් කිරීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වීමට ඉඩ නොදෙන බව කථානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ නීතිපති තනතුරට සුදුස්සන් ලෙස ජනාධිපතිවරයා විසින් නම් කළ පුද්ගලයන් තුන්දෙනෙකු පිළිබඳ ව්‍යවස්ථා සභාවට දැනුම්දුන් කරුණු මාධ්‍ය වෙත අනාවරණ වීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ප්‍රශ්න කළ අවස්ථාවේදියිි.

නව නීතිපති පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තුන්දෙනෙකුගේ නම් ව්‍යවස්ථා සභාවට එවා ඇති බව එහි සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළා.

සුහද ගම්ලත් කපිල වෛද්‍යරත්න සහ ජයන්ත ජයසූරිය යන නම් මෙලෙස ජනාධිතිවරයා විසින් ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබුණා.  

ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රශ්න කිරීමත් සමඟයි පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ පුළුල් සංවාදයක් ඇතිවුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories