සීනිගම දේවාලයට සී.සී.ටී. වී කැමරා

Wednesday, 10 February 2016 - 14:16

%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.+%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F
සීනිගම දේවාලයේ ආරක්ෂාවට සී.සී.ටී. වී කැමරා සවි කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ සීනිගම දේවාලයේ පාලන අධිකාරිය විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි.

පෙරේදා (08) රාත්‍රියේ සීනිගම දේවාලයේ පිං කැට දෙකක මුද්‍රා කිසියම් පිරිසක් විසින් කඩා ඉවත් කර තිබුණා.

එම සිද්ධිය පිළිබඳව දේවාලයේ පාලන අධිකාරිය මීටියාගොඩ පොලිසියට පැමිණිලි කළ අතර මේ වනවිටත් ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශණ ඒකකය ඒ පිළිබඳ විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

සීනිගම දේවාලයේ විශාල ප්‍රමාණයේ පිංකැට 05ක් ඇති අතර ඒවායේ භාරකාරත්වය දරනු ලබන්නේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවයි.

මසකට වරක් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සීනිගම දේවාලයට පැමිණ එකතු වී ඇති මුදල් පිංකැට වලින් ලබාගෙන ඒවා මුදා තබනු ලබනවා.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට එරෙහිව, ඒකාබද්ධ විපක්ෂය පසුගියදා සංවිධාන කර තිබූ පොල් ගැසීමේ ව්‍යාපාරයට එක්ව සිටි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගේ මුදල් පසුම්බියද අස්ථානගත වූයේ සීනිගම දේවාල භූමියේදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories