අලි පැටවුන් 12 ක් සොයා තවදුරටත් මෙහෙයුම්

Thursday, 11 February 2016 - 7:18

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+12+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
බලපත්‍ර රහිතව රඳවාගෙන සිටින තවත් අලි පැටවුන් 12 දෙනෙකු පමණ ඉදිරි සති දෙක ඇතුළත අත්අඩංගුවට ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම අලි පොත අස්ථාන ගතවීම සම්බන්ධයෙන්ද පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි රහස් පොලීසිය අධිකරණයේදී සඳහන් කළේ.

හීලෑ අලි ඇතුන් බලපත්‍ර රහිතව ළඟ තබාගැනීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවේයි.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා 5 ක් යටතේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

එමඟින් දැක්වුණේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ තමා ළඟ තබාගෙන සිටි ඇත් පැටවා බැලීමට පින්නවල අලි අනාථාගාරයට ගොස් කළහකාරී ලෙස හැසිරී ඇති බවයි.

මීට අමතරව ආරක්ෂක අංශ නිලධාරීන්ට බාධා කිරීමද ඔහුට එරෙහිව ඇති තවත් චෝදනාවක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories