කන්‍යාභාවය රැකුනොත් ශිෂ්‍යත්වයක් (ඡායාරූප)

Thursday, 11 February 2016 - 13:53

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දකුණු අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන බාලවයස්කාර දැරියන්ට කන්‍යාභාවය රැකගන්නේ නම් අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලබාදීමට එරට නගරාධිපතිවරයකු පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් මෙය මානව හිමිකම් සුරැකීම පිළිබඳ ආයතනවල දැඩි විවේචනයට ද ලක්ව ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

මේවන විට දකුණු අප්‍රිකාවේ 18 හැවිරිිදි එක් දැරියක් ශිෂ්‍යත්වය ලැබීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ඇය පෙන්වා දෙන්නේ තමාට මෙය ඉතා වටිනා අවස්ථාවක් බවයි.

කෙසේවෙතත් අදාළ ශිෂ්‍යත්වය අඛණ්ඩව ලබාගැනීමට මෙම දැරියන්ට කන්‍යාභාවය රැකී ඇති බවට නිරන්තරයෙන් ඔප්පු කර පෙන්වීම සඳහා වෛද්‍ය පරීක්ෂණවලට පෙනී සිටිමට ද සිදුවනවා.

දෙමව්පියන්ට තමාට අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් නොමැතිවීම හමුවේ තම පිරිසිදු භාවය ද රැක ගනිමින් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවීම ඉතා සතුටක් බවයි ශිෂ්‍යත්වය ලබාගැනීමට සුදුසුකම් ලැබූ දැරිය ප්‍රකාශකර ඇත්තේ.

නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණවලට පෙනී සිටීමට සිදුවීම ද ගැටලුවක් නොවන බව ඇය සඳහන් කර තිබෙනවා.

එය තම ජීවිතයට සිදුවන හානියක් නොවන අතර තමාගේ කන්‍යාභාවය සුරැකීම පිළිබඳ ආඩම්බර විය හැකි බවයි 18 හැවිරිදි දැරිය පෙන්වා දෙන්නේ.  

දකුණු අප්‍රිකාවේ බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම සහ ඔවුන්ට ප්‍රමාණවත් ලිංගික දැනුමක් නොමැති වීම හමුවේයි නගරාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ.

දකුණු අප්‍රිකානු රටවල 2011 වසරේදී අඩු වයසින් සිදුවු ගැබ් ගැනීම් හැට අටදහසක් වාර්තාවී තිබෙනවා.

එය 2013 වසර වන විට ලක්ෂය දක්වා ඉහළ ගැන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

දකුණු අප්‍රිකානු කලාපීය රටවල සෑම ළමුන් දහසකින් 180 දෙනෙකු ගැබ් ගැනීම්වලට හෝ ලිංගික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බව ද හෙළිවී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories