ඉන්දීය නාවික හමුදාවත් දකුණු චීන මුහුදට

Thursday, 11 February 2016 - 19:41

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7
ඉන්දියාව සමඟ දකුණු චීන මුහුදේ ඒකාබද්ධ නාවික මුර සංචාර සිදුකිරීමෙන් කලාපයේ පවතින උණුසුම් තත්ත්වය පහව යනු ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. ඇමරිකානු නාවික හමුදාවේ පැසිෆික් කලාපීය අණදෙන නිලධාරී අද්මිරාල් හැරී හැරිස් මේ බව ප්‍රකාශ කළේ හවායි හි හොනලූලූ හිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

දකුණු චීන මුහුදේ  ඕනෑම රටකට නාවික මුර සංචාරවල නිරතවීමේ අයිතියක් පවතින බවද ඇමරිකානු අද්මිරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

දකුණු චීන මුහුදේ දිවයින් පෙලක අයිතිය සම්බන්ධයෙන් චීනය සහ අග්නිදිග ආසියාතික රටවල් රැසක් අතර පවතින්නේ දීර්ඝ කාලීන අර්බුදයක්. එම දිවයින් ආසන්නයේ චීනය ගුවන් පථයක් සහිත කෘතිම දිවයිනක් ඉදිකිරීමෙන් එම අර්බුදය උත්සන්න වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories