ජනතා ආණ්ඩුවක්ද? කළුකඩ ආණ්ඩුවක්ද?

Thursday, 11 February 2016 - 21:29

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%3F+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%9A%E0%B6%A9+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%3F
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 2014 වර්ෂයට සාපේක්ෂව හතර ගුණයකින් පහත වැටී තිබුණ ද ආණ්ඩුව එහි වාසිය ජනතාවට ලබාදීමට අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. අද (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම අදහස් පළ කළා.
 
".....වත්මන් ආණ්ඩුව සමත් වෙලා නැහැ තෙල් මිල හදන සූත්‍රය මොකක්ද කියලා අපේ රටේ ජනතාවට ඉදිරිපත් කරන්න... 2014 ජුනි මාසේ අපේ ලංකාවට බොරතෙල් බැරල් එකක් ගෙන්නුවේ ඩොලර් 108.6 ක මිලකට.... අද ඒක ඩොලර් 26.8 යි හතර ගුණයකට කිට්ටු ගානකින් අඩුවෙලා එකේ වාසිය කිසියම් ප්‍රමාණයකින්වත් ජනතාවට දෙන්නේ නැත්නම් මේක ජනතාව වෙනුවෙන් හදපු ආණ්ඩුවක්ද? නැත්නම් කළුකඩ ආණ්ඩුවක්ද?  මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න කාලේ 98කට ගොඩබාන පෙට්‍රල් වික්කේ 162කට රුපියල් 64ක ලාභයක් ගත්තා.... ඒ ලාභෙන් රුපියල් 52ක්ම ආණ්ඩුව බදු ලෙස ගත්තා....  දැන් පෙට්‍රල් ලීටරයක් ගොඩබානකොට මිල රුපියල් 42.76යි... මෙහෙයුම් ගාස්තු කියලා හැම ලීටරයකට ම රුපියල් 10 එකතු කළත් කිසිම ප්‍රශ්නයක් නැතුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 52 කට දෙන්න පුළුවල් දැන් දෙන්නේ කීයකටද? 117 කට.... රුපියල් 65 ක්ම ගසාකෑමක් මෙතන තියෙනවා....."
 
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම් පිළිබඳ අදහස් පළ වුණා.

"....දැනටමත් මේ ගිවිසුම් අත්සන් කරන්නේ නැතුව ඉන්දියානුවන් විශාල ප්‍රමාණයක් ලංකාවේ රැකියා කරමින් ඉන්නවා.... මෙහි තියෙන රස්සා ටික ඩැහැ ගැනීමට ඉන්දියාවට ඉඩ හදන ගිවිසුම් අත්සන් කරනවානම් එතකොට අපේ රටේ ආණ්ඩු රට වෙනුවෙන් වැඩ කරන ආණ්ඩු නෙමෙයි.... ඉන්දියාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩු බවට පත් වෙනවා.... ඉන්දියාවේ රැකියා ප්‍රශ්න ලංකාවට වඩා උග්‍රයි... එතකොට ඒ ගොල්ලෝ ටික මේකට කඩාගෙන එනවා.... අනිවාර්යයෙන් ආවට පස්සේ මේ කරන රස්සා ටිකත් ජනතාවට නැති වෙලා ගිහිල්ලා එක පැත්තකින් අපේ මුදල් ටික ඇදිලා යනවා....අනිත් පැත්තෙන් ගත්තාම රස්සා නැති වෙනවා.... වෙළෙඳ ඇමතිතුමා... තෙල් ඇමතිතුමා...මුදල් ඇමතිතුමා...  අගමැතිතුමා මේ සම්බන්ධ ප්‍රශ්නයේදී තිත්ත කසාය බීපු ගොලුවෝ වගේ ඉන්නවා කතා කරන්නේ නැතුව..."






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories