ඇන්ටාටිකාවේ අතරමංවූ පෙන්ගුයින් පක්ෂීන් 150 000 ක් මියයයි

Sunday, 14 February 2016 - 11:18

%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+150+000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දැවැන්ත අයිස් කුට්ටියක් මගින් සිය ආහාර සැපයුම් මාර්ගය අවහිරව හිමෙන් වැසුණු ඇන්ටාටිකා මහද්වීපයේ අතරමංව සිටි පෙන්ගුයින් පක්ෂීන් 150 000 ක් පමණ පසුගිය කාලය තුළ මියගොස් ඇති බව විද්‍යාඥයන් හෙළිදරව් කරනවා.

ඇන්ටාටිකාවේ කොමන්වෙල්ත් බේ ලෙස හඳුන්වන සාගර පිවිසුමේදී ඔවුන් 2010 වසරේදී හුදකලා වී ඇත්තේ බී 9 බී ලෙස නම් කෙරුණු වර්ග සැතපුම් 1120 ක් විශාල අයිස් කුට්ටියක් ඔවුන්ගේ වාසස්ථානය අවහිර කිරීමත් සමඟයි.

මෙලෙස පෙන්ගුයින් පක්ෂින් සහ ඔවුන්ගේ ආහාර සැපයුම් ප්‍රදේශය අතර සැතපුම් 40 ක පමණ දුරස්ථ භාවයක් ඇතිවී තිබෙනවා.

මේහේතුවෙන් එහි සිටි එක්ලක්ෂ හැටදහසක් පමණ වූ පෙන්ගුයින් ගහණය දැන් දස දහස දක්වා අඩුවී ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories