රෙජිනෝල්ඩ් කුරේ උතුර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙයි

Sunday, 14 February 2016 - 14:08

%E0%B6%BB%E0%B7%99%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
උතුර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ජනාධිපති නිල නිවසේදී මෙම දිවුරුම්දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.

ලබන 16 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකර තිබෙනවා.

1988 වර්ෂයේදී බස්නාහිර පළාත් මන්ත්‍රිවරයෙකු ලෙස දේශපාලනයට පිවිසි රෙජිනෝල්ඩ් කුරේ බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිවරයෙකු ලෙස සහ කැබිනට් අමාත්‍යවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories