මහලේකම්ගේ නළලට අළු දුන්නු සාමාජිකයන්ට වරදී

Sunday, 14 February 2016 - 22:07

%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%85%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B7%85%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
විනය කඩ කිරීමට හේතු විමසා පක්ෂ මහලේකම්වරයා විසින් එවන ලද ලිපිවලට විරෝධය පළ කළ නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන ප්‍රධානීන්ට එරෙහිව විනය පියවර ගන්නා බව එම පක්ෂයේ උප සභාපති අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළා. විනය කඩ කරන පක්ෂ සාමාජිකයන්ට එරෙහිව පියවර ගැනීමටයි පසුගිය දා රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළේ. ඒ අනුව පක්ෂයේ නායකත්වය සහ පක්ෂය විවේචනය කරමින් මාධ්‍ය හමු පැවැත්වූ පළාත් පාලන ආයතන ප්‍රධානීන් දස දෙනෙකුට ඊට හේතු විමසා ලිපි යවා තිබුණා.

කෙසේ වෙතත්, කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ ලිපි ලැබූ පළාත් පාලන ආයතන සභාපතිවරුන් 6 දෙනෙකු ඊට විරෝධය පළ කළා. එහිදී එක් නියෝජිතයෙකු තමාට ලැබුණු ලිපිය ගිනි තබා විනාශ කළ අතර, තවත් දෙදෙනෙකු තමන්ට ලැබුණු ලිපි ඉරා විසි කළා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories