සරාගි නිළි බිපාෂාගේ මංගල රාත්‍රිය අදයි

Saturday, 30 April 2016 - 16:15

%E0%B7%83%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
කලක් බොලිවුඩ් සිනමාවේ සරාගිම නිළිය වෙලා හිටිය බිපාෂා ආදරෙන් වෙලිලා හිටියෙ ජෝන් ඒබ්‍රහිම් එක්ක.

ඒත් පස්සෙ බිපාෂා ජනප්‍රිය ටෙලි හා සිනමා නළු කරන් සිං ගෝවර් සමග ආදරයක පැටලුණා.

කෙසේ වෙතත් මේ ආදර සම්බන්ධය අද විවාහය දක්වාම දුර ගියා.

බිපාෂාගේ සහ කරන් සිං ගෝවර්ගේ විවාහය අදට යෙදී තිබෙනවා.

සුපිරි නිළි බිපාෂා බාසු මේ වන විට 37 වැනි වියෙහි පසුවන අතර කරන් සිං 34 වැනි වියෙහි පසුවෙනවා.

ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය අද රාත්‍රී  මුම්බායි නගරයේ පිහිටි තරු පහේ හෝටලයක පැවැත්වීමට සූදානම් කර ඇති අතර විවාහය සඳහා බොලිවුඩ් නළු නිළියන්, දේශපාලනඥයන් මෙන්ම දෙස් විදෙස් ක්‍රිකට් තරු බොහොමයකට ද ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories