රොබෝ තාක්ෂණයේ නවතම පෙරළිය

Thursday, 05 May 2016 - 15:06

%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B7%9D+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA
රොබෝ තාක්ෂණය යොදා ගනිමින් ශල්‍යකර්මවල මැහුම් සිදු කිරීම සාර්ථකව අත්හදා බැලීමට වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් සමත්වී තිබෙනවා.

ඌරෙකු යොදා ගනිමින් මෙම ශල්‍යකර්මය සිදුකර ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

ඒ අනුව මිනිසකු විසින් කිසිදු ලෙසකින් හෝ පාලනය නොවන රොබෝ පද්ධතියක් විසින් ශල්‍යකර්මයේ මැහුම් නිසි ලෙස නිවැරදිව යෙදීම සිදු කරනු ලබනවා.

එය කිසිදු ආකාරයකින් ශල්‍ය වෛද්‍යවරයකු හෝ කිසියම් අයෙකුගේ අනු දැනුමකින් තොරව පාලනය වීම විශේෂත්වයක්.

විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ ඌරෙකු යොදාගෙන කල අත්හදා බැලීමේදී මෙම රොබෝ යන්ත්‍රය විසින් ශල්‍ය වෛද්‍යවරයකු යොදන ආකාරයට සමානව ඉතා සාර්ථකව මැහුම් යොදා තිබු බවයි.

කෙසේවෙතත් ශල්‍යකර්මවල මැහුම් යෙදීමට රොබෝ තාක්ෂණය යොදා ගැනීම අලුත් හඳුන්වාදීමක් වුව ද ශල්‍යකර්ම සඳහා රොබෝ තාක්ෂණය මේවන විට ද යොදා ගැනීම් සිදුවන බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories