ඇඹිලිපිටිය හිටපු ASPට ඇප දෙනවා ද නැද්ද ? - තීන්දුව 2 වනදා

Wednesday, 25 May 2016 - 13:24

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+ASP%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%3F+-+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+2+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
ඇඹිලිපිටියේ සාදයක් අතරතුර සුමිත් ප්‍රසන්න නමැති තරුණයා මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරි DW  චමින්ද ධර්මරත්නට ඇප ලබාදීම සම්බන්ධයෙන් තීන්දුව ලබන මස 02 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඇඹිලිපිිටිය හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා ගොනු කළ ඇප අයදුම්පත අද මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න හමුවේ අද කැදවූ අවස්ථාවේදී.

සැකකාර හිටපු පොලිස් අධිකාරිවරයාට ඇපදීම පිළිබඳව දෙපාර්ශවයෙන් කරුණු ඉදිරිපත්වූ අතර ඒ අනුවයි මේ පිළබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරිය දින නියම කළේ.

අද (25)පෙරවරුවේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරි DW චමින්ද ධර්මරත්න අධිකරණයට රැගෙන විත් තිබුණේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.

ඇඹිලිපිටිය මහඇල ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසුව සුමිත් ප්‍රසන්න නමැති තරුණයා මියගියේ පසුගිය ජනවාරි 7 වනදායි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories