හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවෙන් සමාව ගනී

Wednesday, 25 May 2016 - 14:47

%E0%B7%84%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ජාතික ක්‍රියාකාරී වැඩසටහනක් සකස් කිරීම පිළිබඳ රජය අවධානය යොමුකර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, පසුගියදා ඇති වූ ගංවතුර සහ නායයාම් තත්ත්වය පිළිබදව අද පැවති කල් තැබීමේ විවාදයේදියි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ගංඟා සහ වැව් රක්ෂිතවල සිදුකරන අනවසර ඉදිකිරීම් පාලනය කළ යුතු බවයි.

මේ අවස්ථාවේ වාදභේද අතහැර පීඩාවට පත් ජනතාව සහ දරුවන් වෙනුවෙන් කැපවිය යුතු බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ  සඳහන් කළා.   

මේ අතර විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවෙන් සමාව අයැද සිටියා.

ඒ පසුගිය 18  වනදා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටියදී ඔහු සිදුකළ නොගැලපෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories