ආපදාවලින් හානි වූ නිවාසවලට වන්දි ගන්න, ග්‍රාම නිලධාරීවරුන්ට තොරතුරු දෙන්න

Wednesday, 25 May 2016 - 16:45

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ 62 244 දෙනෙකු තවමත් අවතැන් කඳවුරු 244 ක රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

පුද්ගල මරණ 101 ක් වාර්තාවී ඇති අතර මෙතෙක් අතුරුදන්වී ඇති සංඛ්‍යාව 100 ක්.

එසේම පූර්ණ සහ අර්ධ හානි සිදුවූ නිවාස මෙන්ම දේපළවලටද වන්දි ලබාදෙන අතර, ඊට අදාළ තොරතුරු තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට කඩිනමින් ලබාදෙන ලෙස රජය ඉල්ලීමක් කළා.

මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ, කොමදෝරු ඒ.ඒ.පී. ලියනගේ සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 4500 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ වී ඇති බවයි.  

මේ අතර ආපදා හේතුවෙන් පීඩාවට පත්ව සේවයට වාර්තා කිරීමට නොහැකිවූ රජයේ සේවකයන්ට අදාළ දින සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන සහ කළමනාකරන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදියි.

එසේම ආපදාවට ලක්වූ ප්‍රදේශවල රජයේ සේවකයන්ට ණය මුදලක් ලෙස ගෙවී යන පරිදි මාස 3 ක වැටුප් එකවර ලබාදීමටද රජය තීරණය කර ඇතැයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

එසේම පීඩාවට පත් ජනතාවගේ විනාශ වූ ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර, උප්පැන්න සහතික ඉඩම් ඔප්පු ආදී ලේඛන නැවත සකස් කරගැනීම සඳහා නොමිලේ නීති උපදෙස් ලබාදීමට නීති ආධාර කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සූදානම් වනවා.

ඊට අදාළ තොරතුරු 0719 994 618 අංකයෙන් ලබාගත හැකියි.

මේ අතර දිස්ත්‍රික්ක පහක් සඳහා නිකුත් කර තිබූ නායයාම් අවදානම් අනතුරු ඇඟවීම අද පස්වරුවේ පැය 24 ක කාලයක් සඳහා යළි දීර්ඝ කෙරුණා.

ඒ අනුව මහනුවර, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට එය බලපැවැත්වෙනු ඇති.

නිරිත දිග මෝසම සක්‍රියවීමත් සමඟ විශේෂයෙන් රත්නපුර, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල තවදුරටත් නායයෑම් ඇතිවිය හැකි බවයි අද පැවති මාධ්‍ය හමුවේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර කියා සිටියේ. කිතුල්ගල ප්‍රදේශයෙන් ගිලාබැසීමකට ලක්වුණු කොළඹ - හැටන් මාර්ගය ගමනාගමන කටයුතු සඳහා නුසුදුසු බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

මේ අතර නිරිතදිග මෝසම් වැසි සමඟ තද සුළං ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි මාධ්‍ය හමුවට එක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමලාල් ප්‍රකාශ කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories