ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයේ අවශ්‍යතා සපුරයි

Friday, 27 May 2016 - 7:15

%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා සපුරාලිය යුතු නියෝජිත ඡන්ද සංඛ්‍යාව සුරක්ෂිත කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව සිටින බව විදෙස් වාර්තා සදහන් කළා.

රිපබ්ලිකන් අපේක්ෂකත්වය ලැබීම සදහා නියෝජිත ඡන්ද 1237 ක් අවශ්‍ය වන අතර, ඊයේ (26) වනවිට ඩොනල්ඞ් ට්‍රම්ප් ඡන්ද 1238 ක් සුරක්ෂිත කර ගැනීමට සමත්වී තිබෙනවා.

කෙසේ නමුත්, ඔහුට අපේක්ෂකත්වය හිමිවීම සහතික වන්නේ ජූලි මාසයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදීයි.

මතභේදකාරි ප්‍රකාශ රැසක් සිදුකළ ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් අපේක්ෂකත්වය ලබාගැනීම සදහා ඔහුගේ ප්‍රතිවාදීන් 16 දෙනෙකු පරාජය කිරීමට සමත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories