ටෝකියෝ ගුවන්තොටුපලේදී මගී ගුවන් යානයක් ගිනි ගනී

Friday, 27 May 2016 - 12:57

%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ජපානයේ - ටෝකියෝ නුවර - හනෙඩා ගුවන්තොටුපලේ ගුවන් ධාවන පථයේදී මගී ගුවන් යානයක් අද හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

මගීන් 302 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු රැගත් මෙම ගුවන් යානය දකුණු කොරියාවේ - සෝල් නුවර බලා නික්මීමට සූදානම් වන මොහොතේ එහි එන්ජිමෙහි මෙම ගින්න හට ගෙන ඇති බව සදහන්.

කෙසේ නමුත්, මගීන් සහ කාර්ය මණ්ඩලය සුරක්ෂිත ලෙස ඉවත් කර ගැනීමට ගුවන්තොටුපල බලධාරින් සමත්වූ බව ටෝකියෝ වාර්තා සදහන් කළා.

ටෝකියෝ බොක්කේ පිහිටි හනෙඩා ගුවන්තොටුපල මෑතක සිට ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා යොදා ගැනෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories