තායිවානය චීනය දෙසට මිසයිලයක් එල්ල කරයි

Friday, 01 July 2016 - 13:48

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තායිවාන නාවික හමුදාව අත් වැරදීමකින් චීනය දෙසට සුපර්සොනික් නෞකා නාශක මිසයිලයක් එල්ල කර තිබෙනවා.

කාවෝෂියං නාවික හමුදා කදවුරේ යාත්‍රාවක් අභ්‍යාසයක යෙදෙන අතරතුර එල්ල කර ඇති මිසයිලය චීනය දෙසින් වූ පෙන්ගු දිවයින්වලට ඔබ්බෙන් පතිත වී ඇති අතර, ඉන් කිසිදු හානියක් සිදුවී නැහැ.

මෙම සිද්ධිය වාර්තා වන්නේ චීනය කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා 95 වන වසර සැමරීමට සූදානම් වන මොහොතකයි.

සිද්ධිය පිලිබදව චීනයට දැනුම්දීමක් සිදුකළේ ද යන්න තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර නැහැ.

මෙම මිසයිලය කිලෝමීටර් 300 ක් දුරට එල්ල කිරීමට සමත් බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories