Hirunews Logo
%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%21
Sunday, 17 July 2016 - 12:28
ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති සම්මාන උළෙලේදී මෙවරත් සියලු ප්‍රධාන සම්මාන හිරුට !
116

Shares
14,019

Views
ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති සම්මාන උළෙලේදී මෙවරත් සියලු ප්‍රධාන සම්මාන හිරුට !

ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති සම්මාන උළෙලේදී සියලූ ප්‍රධාන සම්මාන දිනා ගැනීමට හිරු FM. සහ හිරු TV සමත් වුණා. ඒ අනුව හිරු ප්‍රවෘත්ති, ජනප්‍රියතම ප්‍රවෘත්ති සපයන්නා බවට සම්මානයට පාත්‍ර වද්දී ජනප්‍රියතම ගුවන් විදුලිය සහ රූපවාහිනිය ලෙස හිරු FM, හිරු TV සම්මාන දිනා ගත්තා.

ඩිජිටල් සංස්කෘතිය, සමාජ මාධ්‍ය සහ තාක්ෂණය සම්බන්ධ පුවත් වාර්තා කරන ලොව විශාලතම පුවත් වෙබ් අඩවිය වන මාෂබල් මගින්  සෑම වසරකම ජුනි 30 වන දා සමාජ මාධ්‍ය දිනය ලෙස සමරනු ලබනවා.

ඊයේ (16) කොළඹ දී එටිසලාට් සමාගමේ පූර්ණ බලගැන්වුමෙන් සංවිධාන වූ සමාජ මාධ්‍ය දිනය අවසනදී  පැවැති සම්මාන උළෙලේදී ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සම්මාන පිරිනැමුණේ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ පවතින ජනප්‍රියතාව පදනම් කර ගනිමින්.

එහි ප්‍රධානතම සම්මාන වූ ජනප්‍රියතම පුවත් සපයන්නා, ජනප්‍රියතම ගුවන් විදුලිය මෙන්ම ජනප්‍රියතම රූපවාහිනිය ලෙස හිරු සම්මාන දිනා ගත්තේ  සමාජ මාධ්‍ය දින සම්මාන උළෙලේදී ද මෙරට වැඩිම ශ්‍රාවක ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගත් මාධ්‍ය ජාලය ලෙස අභිෂේක ලබමින්. අන්තර්ජාලය ඔස්සේ ඡන්ද විමසීමක් පවත්වා මෙහි ජයග්‍රාහකයන් තෝරාගෙන තිබීම ද විශේෂත්වයක්.

මෙරට ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි රැසක හිමිකාරීත්වය දරණ ආසියානු මාධ්‍ය ජාලයට අනුබද්ධ ලෝටස් ටෙක්නොලජී ආයතනය පවත්වාගෙන යන හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය ඇතුළු ආසියානු මාධ්‍ය ජාලයේ වෙබ් අඩවි සියල්ල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිරන්තරයෙන් භාවිත කරන බවට මෙමගින් තවදුරටත් තහවුරු වනවා.   

හිරු TV, හිරු FM ලබාගත් මෙම සම්මාන පිටුපස සිටින නියමුවා වන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතායි. ඔහුගේ සංකල්පයක් මත ආරම්භවුණු හිරු TV සහ හිරු FM නාලිකා, ඔහුගේ මඟ පෙන්වීම යටතේ මේ වනවිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව, නව මානයකට යොමුකර අවසන්.

ලෝක සමාජ මාධ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැති සම්මාන උළෙලේදී හිරු ප්‍රවෘත්ති, හිරු FM සහ හිරු TV ලබාගත් මෙම සම්මාන පිළිබඳව සුභාශිංසන එක් කරමින් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාව නව මගකට ඔසවා තැබීම සඳහා වූ සිය දැක්ම යළි යළිත් මෙරට ජනතාව තහවුරු කර ඇති බවයි.



ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හිරු ප්‍රවෘත්ති, හිරු FM, හිරු TV වෙත හිමිවන මෙවැනි සම්මාන නිසැකවම අප දිරිමත් කරන බව ද ඔහු සඳහන් කළා. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ හිරු TV, හිරු FM ලබන මෙම සියලූ ජයග්‍රහණවල සැබෑම හිමිකරුවා අප සමඟ බැඳුණු ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් බවයි.


ජනප්‍රියතම පුවත් සපයන්නා ලෙස හිරු NEWS සම්මාන ලබාගත් අවස්ථාව



ජනප්‍රියතම රූපවාහිනිය ලෙස හිරු TV සම්මාන ලබාගත් අවස්ථාව



ජනප්‍රියතම ගුවන් විදුලිය ලෙස හිරු FM සම්මාන ලබාගත් අවස්ථාව

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,998 Views
7,012 Views
8,152 Views
8,263 Views
774 Views
52,588 Views
Top