මියුනිච් ප්‍රහාරකයා ගැන තොරතුරු රැසක් හෙළිවේ

Saturday, 23 July 2016 - 16:07

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%A0%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
මියුනිච් නුවර සිදුවූ වෙඩි තැබීම සිදුකළ තරුණයා සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඔහු ඉස්ලාමීය සංවිධානයකට සම්බන්ධ බවට මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවයි ජර්මන් ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මෙම තරුණයා සමූහ ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ අයෙකු බව ඔහුගේ නිවස පරීක්ෂා කළ ජර්මන් පොලීසිය සඳහන් කරනවා.

ඇමරිකාවේ අවස්තා කිහිපයකදී සිදුවූ මෙවැනි ඝාතන සිද්ධීන් පිළිබඳ තොරතුරු ඔහු කලක සිට එක් රැස් කර තිබුණා.

ඊයේ රාත්‍රියේ මියුනිච් නුවර සාප්පු සංකීර්ණයකට කඩා වැදුණු මෙම තරුණයා එල්ල කළ ප්‍රහාරයෙන් 9 දෙනෙකු මිය ගොස් තවත් 21 දෙනෙකු තුවාල ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories