මොරගහකන්ද ව්‍යාපෘතියේ වන්දි ඉල්ලා කළ උපවාසය අවසන් (ඡායාරූප)

Sunday, 24 July 2016 - 17:41

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A++%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85++%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මොරගහකන්ද වාරි ව්‍යාපෘතියෙන්  ලැබෙන වන්දි මුදල ප්‍රමාණවත් නොමැති බව පවසා ඉකුත් 20 දා ආරම්භ කල උපවාසය සදහා ලග්ගල නගරයේ ව්‍යාපරිකයන්ද කඩ සාප්පු වස දමා සහය දැක්වූ බවයි හිරු  වාර්තාකරු සදහන් කළේ.

ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපි මෙම උපවාසය පැවැත්වු අතර පුද්ගලයන් දහසකට අධික පිරිසක් සිටි බව සදහන්.

උපවාසකරුවන් ඉල්ලා සිටියේ ලබා දී ඇති වන්දි මුදලට අමතරව තවත් සියයට 50ක මුදලක් ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත් අද දහවල් එම ස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් අංශු සමරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි  රෝහිනී කවිරත්න අදාළ  ගැටලුව පිළිබද  මුදල් ඇමතිවරයා සහ අගමැතිවරයා  දැනුම්වත් කර විසදුම් ලබා දෙන බව පැවසීමෙන් අනතුරුව උපවාසය අත්හල බවයි අප වාර්තාකරු සදහන් කළේ.



ඡායාරූප - නාඋල ඉන්දික අරුණ කුමාර






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories