දකුණු පළාත් සභාව බෙදී උණුසුම්

Tuesday, 26 July 2016 - 18:16

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
හිටපු ධීවර අමාත්‍ය ඩී.වී. උපුල් තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව මන්ත්‍රීවරුන් පිරිසක් අතේ කළු පටි පැළඳ විරෝධතාවක නිරතවීම නිසා අද දකුණු පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

පළාත් සභාව රැස්වූ අවස්ථාවේදී දකුණු පළාත් හිටපු ධීවර අමාත්‍ය ඞී.වී උපුල් විශේෂ ප්‍රකාශයක් ද සිදුකර තිබෙනවා.

අනතුරුව මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව හේතුවෙන් දකුණු පළාත් සභාව ලබන මස 8 වනදා දක්වා කල් තැබීමටයි සභාපතිවරයා පියවර ගත්තේ.  

සභාව කල් තැබීමෙන් පසුව විරෝධතාවට එක්වූ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් සභාව තුළ මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළ අතර, එම මාධ්‍ය හමුවට පසුව දකුණු පළාත් සභාවේ සන්ධාන සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් තවත් මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා.

ඊට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා ද එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories