විග්නේෂ්වරන්, මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ අයිතියක් ඉල්ලයි

Wednesday, 27 July 2016 - 12:54

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙනවිට එම ව්‍යාපෘතියේ යම් අයිතියක් උතුරු පළාත් සභාවට ද හිමිවිය යුතු බවට පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ මෙම ව්‍යාපෘතියෙන් උතුරු පළාත් සභාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබදව දැනුම්වත් කිරීම සදහා යාපනය වාරිමාර්ග ශ්‍රවණාගාරයේ ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

ජපානයේ ජයිකා ආයතනයේ නියෝජිතයන් පිරිසක් සමග පැවති මෙම සාකච්ඡාවට උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පළාත් සභාවේ මැතිඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියා.

ඊට සහභාගි වූ පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම යෝජනාව ඉදිරිපත් කළ ප්‍රධාන අමාත්‍යවරයා මධ්‍යම රජය, උතුරු පළාත් සභාව සමග ගිවිසුමකට ද අත්සන් කළ යුතු බවට එහිදී ප්‍රකාශ කළ බවයි.

මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට හැරවීමේ තනි අයිතිය තිබුණහොත් දකුණේ ජනතාව උතුරේ පදිංචිකරමින් නව ජනපද ව්‍යාපාර ඇති කිරීමට රජය කටයුතු කරනු ඇතැයි එහිදී මහඇමතිවරයා ප්‍රකාශ කළ බව සිවාජිලිංගම් මන්ත්‍රීවරයා සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories