update : විපක්ෂයේ පාගමනට සහ එජාපයේ ප්‍රවර්ධන වැඩසටහනට අධිකරණයෙන් නියෝගයක්

Wednesday, 27 July 2016 - 14:09

update+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A++%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඒකාබද්ධ විපක්ෂය හෙට ආරම්භ කිරීමට සැරසෙන පාගමනට සහ එක්සත් ජාතික පක්ෂය මහනුවර නගරයේ හෙට සංවිධාන කර ඇති පක්ෂ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ, මෙමගින් මහජන පීඩාවක් මෙන්ම ගැටුම් ඇතිවිය හැකි නිසා මෙම වැඩසටහන් අත්හිටුවීමේ තීරණයක් ලබාදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන මහනුවර නගරයෙන් බැහැරව සිදුකළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන පස්වරු දෙකෙන් පසු සිදුකළ යුතු බවත්, විනිසුරුවරයා නියෝග කළා.

නීතිය මගින් මහජන අයිතිවාසිකම් සීමා කිරීම අසාධාරණ බවත්, මහජනතාවට මෙමඟින් ඇතිවන පීඩා වැලැක්වීම සඳහා අදාළ නියෝගය ලබාදෙන බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට දළදා මාළිගාවට ගොස් ආගමික වතාවත් සිදුකිරීමට හැකියාව පවතින බව මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල කියා සිටියා.

අධිකරණය මගින් ලබාදුන් තීන්දු පක්ෂ නායකයන්ට අද දිනය ඇතුළතදී දැනුම්දෙන ලෙසයි විනිසුරුවරයා තවදුරටත් කියා සිටියේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාව මාවනැල්ල නගරයට ඇතුළුවීමට සහ එක්සත් ජාතික පක්ෂයට පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනක් මාවනැල්ල නගරයේ සිදු කිරීම වළක්වාලමින් මාවනැල්ල මහේස්ත්‍රාත් එල්.ඒ. මහින්ද අද නියෝගයක් නිකුත් කළා.

පොලීසිය අධිකරණයෙන් කළ දැනුම්දීමක් සළකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබාදුන්නේ.



Update:Wednesday, July 27, 2016 : 6.59

...............................................................

ඒකාබද්ධ විපක්ෂය හෙට ආරම්භ කිරීමට නියමිත ජනසටන පාද යාත්‍රාවට සහ එක්සත් ජාතික පක්ෂය මහනුවර නගරයේදී සංවිධානය කර ඇති පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා.

හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ මහනුවර පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති බවයි.

ඒ අනුව, ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව මහජනයාට පීඩාවට ලක් නොවන අයුරින් මහනුවර නගර සීමාවෙන් පිටත සිදුකළ යුතු බවයි අධිකරණය නියෝග කර ඇත්තේ.

එසේම, එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන පස්වරු 2 න් පසුව සිදුකළ යුතු බවට අධිකරණය නියෝග කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories