තුර්කියෙන් අයි.එස්. ඉලක්කවලට බෝම්බ ප්‍රහාර

Tuesday, 23 August 2016 - 11:05

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
උතුරුදිග සිරියාවේ අයි.එස්. ඉලක්ක වෙත තුර්කිය ගුවන් ප්‍රහාර දියත් කර තිබෙනවා.

එමෙන්ම කුර්දි කැරළිකාර කණ්ඩායම් ද තුර්කියේ ඉලක්කයක් වී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

තුර්කිය මෙලෙස අයි.එස්. ඉලක්ක වෙත ප්‍රහාර දියත් කර ඇත්තේ තුර්කියේ ගාසියන්ටෙප් ගම්මානයේ මංගල්‍ය උත්සවයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුවයි.

බාල වයස්කාර මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යොදාගෙන එල්ල කළ බවට සැලකෙන එම ප්‍රහාරයේදී පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර, තුර්කියේ සහාය ලබන 1500ක් පමණ වන සිරියානු කැරළිකාර කණ්ඩායමක් තුර්කියේ සිට අයි.එස්. ඉලක්ක වෙත ගොඩබිම් ප්‍රහාරයක් ද දියත් කිරීමට සූදානම් වන බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories