තවත් භූ කම්පනයක් - ඉන්දියාවත් සෙලවෙයි

Wednesday, 24 August 2016 - 17:03

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මියන්මාරයේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.7 ක් ලෙසටයි.

මෙහි කම්පන තත්වය තායිලන්තය සහ බංග්ලාදේශය මෙන්ම ඉන්දියාවේ ප්‍රදේශ රැසකට ද දැනී ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කලේ.

ඉන්දියාවේ බටහිර බෙංගාල් ප්‍රදේශයට මෙන්ම ඇසෑම් ප්‍රාන්තයට ද මෙම භූ චලනය දැනී ඇතැයි සඳහන්.

කෙසේවෙතත් මෙමගින් සිදුවු හානියක් හෝ තුවාල ලැබුවන් පිළිබඳ මෙතෙක් වාර්තාවී නැහැ.

කොල්කටා නුවර දුම්රිය සේවා ද මේ හේතුවෙන් අත්හිටුවා තිබෙනවා.

පස්වරු 4 ට පමණ සිදුවු මෙම කම්පනය මියන්මාරයේ කිලෝමීටර් 58 ක් පමණ පොළොව අභ්‍යන්තරයේ හටගත් එකක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර මධ්‍යම ඉතාලියේ ද සිදුවු භූ කම්පනයකින් පුද්ගලයන් 38 දෙනෙකු මරණයට පත්වුනා.

තවත් 150 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන් බවටයි විශ්වාස කෙරෙන්නේ.

අද සිදුවු එම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.2 ක්.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories