නාසා අභ්‍යවකාශ යානයක් බ්‍රහස්පතිට ළංවේ

Sunday, 28 August 2016 - 7:34

%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%85%E0%B6%82%E0%B7%80%E0%B7%9A
ඇමරිකානු නාසා ආයතනය මගින් උඩු ගුවනට යවනු ලැබූ ජූනෝ අභ්‍යවකාශ  ගවේෂණ යානය ඊයේ ප්‍රථමවරට බ්‍රහස්පති ග්‍රහයාට ළංවී තිබෙනවා.

පසුගිය ජූලි මාසයේ බ්‍රහස්පතිගේ කක්ෂයට ඇතුලූවූ ජූනෝ ඊයේ දිනයේදී ඊට කිලෝමීටර් 4200 ක් තරම් ආසන්න වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඝන වායුන්ගෙන් සැදුම්ලත් අපේ සූර්යග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහ ලෝකය වන බ්‍රහස්පතී ආසන්නයට අභ්‍යවකාශ ගවේෂණ යානයක් පැමිණි ප්‍රථම අවස්ථාවද මෙයයි.

ජූනෝ ගවේෂණ යානයට බ්‍රහස්පති හොඳින් සේයාරූ ගත කළ හැකි කැමරාවක්ද සවිකර ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ එහි නව ඡායාරූප පෘථිවිවාසීන්ට දැකගත හැකියි.

පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 2.8 ක් ඈතින් පිහිටි බ්‍රහස්පති වෙත ජූනෝ ළඟාවූයේ වසර 5 ක දීර්ඝ චාරිකාවකින් අනතුරුවයි.

ජූනෝ වසර 2018 වනතුරු බ්‍රහස්පති පිළිබඳ තොරතුරු පෘථිවියට ලබාදී බ්‍රහස්පතිගේම වායු ගෝලයට පිවිස විනාශ වී යනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories