ඉන්දියාව නව රොකට්ටුවක් අත්හදා බලයි

Sunday, 28 August 2016 - 9:59

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අභ්‍යවකාශ ගමන්වල වියදම දස ගුණයකින් අඩු කරන ස්ක්‍රෑම්ජෙට් රොකට්ටුවක් ඉන්දියාව අද උදෑසන සාර්ථක ලෙස අත්හදා බලා තිබෙනවා.

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකොට  අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී එම රොකට්ටුව අත්හදා බැලුණේ කිලෝග්‍රෑම් 3000 ක බර ප්‍රමාණයක් ද උඩු ගුවනට යොමුකරමින්.

සාමාන්‍යයෙන් රොකට්ටුවක් දහනය සඳහා ඉන්ධන සහ ඔක්සිකාරක රැගෙන යනු ලබනවා.

එහෙත්, මෙම උසස් රොකට් තාක්ෂණය යටතේ ඉන්ධන පමණක් උඩුගුවනට රැගෙන යන අතර, දහනයට අවශ්‍යය ඔක්සිජන් ලබා ගන්නේ වායුගෝලයෙන්.

මෙම තාක්ෂණය මෙතෙක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ  ඕස්ට්‍රේලියාව විසින් පමණයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories