බෑන්කී මූන්ගෙන්, විග්නේෂ්වරන්ට වෙනම සාකච්ඡාවක් නැහැ

Sunday, 28 August 2016 - 12:50

%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
අගෝස්තු 31 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන ජගත් සංවිධාන මහලේකම් බෑන්කී මූන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවකට එක් නොවන බව වාර්තා වනවා.

සිය තුන්දින චාරිකාවේදී ජගත් සංවිධාන මහලේකම්වරයා යාපනයේ ද සංචාරය කරන අතර උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයන් මුණ ගැසීමට නියමිතයි.

එහිදී උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට වෙනම හමුවක් ලබාදී නොමැති අතර, ඔහුට මහලේකම්වරයා මුණ ගැසිය හැකි වන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායකයන් සමඟයි.

දෙමළ සන්ධානයේ නායකත්වය සහ උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අතර දැනට පවතින මතභේදය හේතුවෙන් ඔහු එම අවස්ථාවට සහභාගි වන්නේ ද යන්න අවිනිශ්චිත කරුණක්.

කෙසේ නමුත්, ජගත් සංවිධාන මහලේකම් බෑන්කී මූන්ගේ සංචාරයේදී මෙරට ජනවර්ග අතර සංහිදියාව දිරි ගැන්වීමට අදහස් කරන බව ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කළා.

එමෙන්ම, හිටපු ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගේ ඒකපාර්ශවික ප්‍රවේශය මහලේකම් බෑන්කී මූන් පසෙකලා ඇති බව ද එම පුවත්පත පෙන්වා දෙනවා.

නවනීදන් පිල්ලේගේ කාලසීමාව තුළ ශ්‍රී ලංකාව සහ ජගත් සංවිධානය අතර සම්බන්ධතා බෙහෙවින් පලුදු වූ බවයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කළේ.

මේ අතර, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද දෙමළ මහජන සභාව ලබන මාසයේ උතුරුකරයේ දැවැන්ත විරෝධතාවකට සැරසෙන බව වාර්තා වනවා.

දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් මණ්ඩල යෝජනාව ක්‍රියාවට නැංවීමට ලක් රජයට සැබෑ වුවමනාවක් නොමැති බවයි.

‘‘ශ්‍රී ලංකා රජය ද අනුග්‍රාහකත්වය දැක්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල යෝජනාව ක්‍රියාවට නැංවීමට ලක් රජය මෙතෙක් උනන්දුවක් දක්වා නැහැ.
මෙමගින් ශ්‍රී ලංකාව මෙරට දෙමළ ජනතාවට මෙන්ම ජාත්‍යන්තරයට රැවටීමක් කර ඇති බව අප ලෝකයට කියන්නයි යන්නේ.
ඒ සඳහා අපි උතුරේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව දැවැන්ත විරෝධතාවක් පවත්වන්න සූදානම්.
යුද්ධය අවසන් වී වසර 7 ක් ගත වුවත් , තවමත් ඇතමුන්ට ඔවුන්ගේ නිවෙස් වෙත යාමට නොහැකිව තිබෙනවා.
උතුරුකරයේ සිංහලකරණය සහ බෞද්ධකරණය ක්‍රියාත්මක වන බව කිව යුතුයි.
එම පියවර ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් මණ්ඩලයට පොරොන්දු වූ කරුණුවලින් පිටපැනීමක්.’’


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories