මාර්ග අනතුරුවලින් 3 දෙනෙකු ජීවිතක්ෂයට

Tuesday, 30 August 2016 - 14:07

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කුරුණෑගල - කැප්පෙටිගල මාර්ගයේ සහ මහනුවර - මහියංගනය මාර්ගයේ අද සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කුරුණෑගල - කැප්පෙටිගල මාර්ගයේ බරන්දන මංසන්ධියේදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු යට කර යාමෙන් එම කාන්තාවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බරන්දන ප්‍රදේශයේම පදිංචිකාරිනියන් දෙදෙනෙක්.

අනෙක් අනතුර තෙල්දෙනිය බස් නැවතුම්පොළ ඉදිරිපිට සිදුවුණේ මහියංගනය දෙස සිට මහනුවර දක්වා ගමන් ගනිමින් තිබූ ලොරි රථයක පුද්ගලයෙකු ගැටීමෙන්.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයා තෙල්දෙනිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories