ජනපතිගේ වෙබ් අඩවියට ඇතුලූ වූ පාසල් සිසුවා පරිවාසයට - අනෙක් සැකකරු රිමාන්ඩ්

Tuesday, 30 August 2016 - 14:18

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා පරිවාස භාරයට පත්කර තිබෙනවා.

ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 26 හැවිරිදි තරුණයා සැප්තැම්බර් දෙවනදා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ජනාධිපතිවරයාගේ නිළ වෙබ් අඩවියට ඇතුළු වී විකෘති පුවත් පළ කිරීමේ සිද්ධිය  වාර්තාවුණේ පසුගිය සිකුරාදා දිනයේයි.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ පරීක්ෂණ ආරම්භ කළ අතර, කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවා සහ ඔහුට අනුබල දීමේ චෝදනාව මත මොරටුව ප්‍රදේශයේ පදිංචි අනෙක් තරුණයා අත්අඩංගුවට ගත්තා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories