යෝෂිතගේ මිත්තණිය යළි F.C.I.Dයට

Wednesday, 31 August 2016 - 13:09

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+F.C.I.D%E0%B6%BA%E0%B6%A7
යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් අද (31) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියා.

ඒ දෙහිවල පිහිටි ඇගේ නිවස සහ ඉඩම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට හමුවේ පෙනී සිටීම මග හැරීම නිසා පසුගිය 26 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇයට දැනුම්දුන්නේ අද දිනයේ මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසයි.

ඒ අනුවයි, යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories