වැට් බදු වැඩි කිරීම ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිළි කිරීමක්

Wednesday, 31 August 2016 - 20:26

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රජය වැට් බදු වැඩිකිරීම තුළින් ආදායම වැඩිකිරීමේ තීරණය ගනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයක් මත නොවන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.

ඊයේ සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහබැංකු අධිපතිවරයා පැවසුවේ රාජ්‍ය ආදායම වැඩිකරගැනීම සඳහා යොදාගන්නා ක්‍රියාමාර්ග තේරීම රජයට අයත් කාර්යයක් වන බවයි.

මුදල් මණ්ඩලයේ තීරණ පිළිබඳව දැනුම්දීම සඳහා මහබැංකු පරිශ්‍රයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහබැංකු අධිපතිවරයා පැවසුවේ දැනට ආර්ථිකය යහපත් මට්ටමක පවතින බැවින් මේ වසරේ ඉදිරි කාලය තුළ තවදුරටත් රජයට ණය ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories