ගුවන් හමුදාව ඕනෑම අවස්ථාවකට සූදානම්

Thursday, 29 September 2016 - 17:22

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
යුද්ධය අවසන් වී තිබුණ ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්ය භාරය අවසන් වී නොමැති බව නව ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති පවසනවා.

ගුවන් හමුදාපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු අස්ගිරි සහ මල්වතු මහා නාහිමිවරුන් බැහැදැකීම සදහා අද (29) මහනුවරට පැමිණි ඔහු ශ්‍රී දළඳා මාලිගාව ද වැඳපුදා ගත්තා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක කටයුතු කිරීමට ගුවන් හමුදාව සූදානමින් සිටින බවයි.

මේ අතර ගුවන් හමුදාපතිවරයා අද පස්වරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද ආශිර්වාද ලබා ගත්තා.




ඡායාරූප- එප්පාවල  තිසර සමල්





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories