යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණ පිළිබද අපක්ෂපාතී පරීක්ෂණයක් - වන්දි මුදලක් ගෙවීමටත් ජනපතිගෙන් උපදෙස්

Saturday, 22 October 2016 - 12:45

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%85%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%93+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටියදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයා සියලු  අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

එලෙස පරීක්ෂණ සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණය පිළිබද පුවත අසා තමන් දැඩි සංවේගයට පත්වූ බවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කිසිදු බාධාවකින් තොරව අඛන්ඩව සිදුවනු ඇති බවටත් ජනාධිපතිවරයා සහතික වී තිබෙනවා.

එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ සිසුන්ගේ දෙමාපියන් වෙත ඉදිරියේදී වන්දි මුදලක් ගෙවීමට ද තීරණය කර ඇති බවයි ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් 5 දෙනා සති දෙකක කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනේ් උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ පොලිස් රියදුරෙක්.

ඔවුන්ගේ සේවය වහා අත්හිටුවීමට ද පියවර ගෙන තිබුණා.

යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් නියෝග කර ඇත්තේ මෙම පොලිස් නිලධාරින් පස්දෙනා අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තබන ලෙසයි.

එමෙන්ම, ඔවුන් ලබන සදුදා නැවතත් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

යතුරුපැදියක ගමන් කරමින් සිටියදී මිය ගිය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

එහිදී අනාවරණ වුණේ යතුරුපැදිය පැදවූ සිසුවා වෙඩි පහරකට ලක්ව ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories