රුසියාවෙන්, මහාබ්‍රිතාන්‍යයට චෝදනාවක්

Saturday, 22 October 2016 - 14:37

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ලන්ඩන් නුවර සිය තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට වීසා බලපත් නිකුත් කිරීම බ්‍රිතාන්‍ය විසින් පමා කරන බවට රුසියාව චෝදනා කරනවා.

බ්‍රිතාන්‍යයේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් යකොවෙන්කෝ ප්‍රකාශ කළේ මේ නිසා සිය තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල හිගයක් ද පවතින බවයි.

බ්‍රිතාන්‍යයට, රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නියෝජනයක් අවශ්‍ය නොවන්නේ දැයි මෙහිදී ප්‍රශ්නයක් පැන නැගෙන බව තානාපතිවරයා කියා සිටියා.

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරිය සහ විදේශ ලේකම් විසින් සිදුකරන රුසියානු විරෝධී ප්‍රකාශ ද ලන්ඩනයේ රුසියානු තානාපතිවරයාගේ විවේචනයට ලක්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories